Home
About
Rassige Adaviya
It's time to wake him up
Stay updated via RSS
SINHALA LINK
Siyabasa
Archives
February 2013
January 2013
May 2011
March 2011
February 2011
January 2011
July 2010
June 2010
May 2010
අලුත් පෝස්ට් ගැන දැනගන්න
ඊ-මේල් එක දෙන්න. අලුත් තොරතුරු ගන්න
Email Address:
මේන්න ඊ-මේල් එක
Join 1 other subscriber
Blogroll
ඇට මැස්සාගේ අඩවිය
පුන්කළස
සිත් මණ්ඩිය
Support Forum
Themes
WordPress Planet
ළඟඳි ලියපුවා
(නි)වහල්
ජනතාව
චූන් චෑන් පොලිසිය
පස්සට… යා!
නගුට වනන්නට මිස බුරන්නට අවසර නැත
සංදර්ශන
මාධ්‍ය දැන් නිදහස්?
සජිත්ව ඕනෑ කාටද?
මුස්ලිම් මූලධර්මවාදයට එරෙහිව බෞද්ධ මූලධර්මවාදය?
පුංචි ඡන්දෙට ලොකු ටෝක් දෙන පුංචි පුංචි ඔළු
Top Posts
(නි)වහල්
ජනතාව
චූන් චෑන් පොලිසිය
පස්සට... යා!
නගුට වනන්නට මිස බුරන්නට අවසර නැත
Top Clicks
None
Rassige Adaviya
(නි)වහල්
ජනතාව
චූන් චෑන් පොලිසිය
පස්සට… යා!
නගුට වනන්නට මිස බුරන්නට අවසර නැත
සංදර්ශන
මාධ්‍ය දැන් නිදහස්?
සජිත්ව ඕනෑ කාටද?
මුස්ලිම් මූලධර්මවාදයට එරෙහිව බෞද්ධ මූලධර්මවාදය?
පුංචි ඡන්දෙට ලොකු ටෝක් දෙන පුංචි පුංචි ඔළු
ඔළු ගෙඩි ගණන
3,692 hits
Posts Tagged ‘valikada’
විමල්, ඔබට යොමු වන මීළඟ පැනය මෙන්න.
Posted: February 10, 2011 in
Uncategorized
Tags:
poddala
,
prageeth
,
sarath
,
sirasa
,
slave island
,
valikada
,
why
,
wimal
1
විමල් වීරවංශ ඊයේ පාර්ලිමේන්තු රැස්වීමේ දී තවත් අභිරහසක් හෙළි කළේය. පෙබරවාරි 4වැනිදා එ.ජා.ප. පෙළපාලියට පහර දීමේ සිද්ධියේ සුලමුලයි ඒ. ඔහු ප්‍රකාශ කළේ එම පෙළපාලිය සවස 6.30ට ආරම්භ කළේ ඊට සහභාගි වීමට කට්ටිය මදි නිසා බවයි. දහවල් පෙළපාලිය පැවැත්වූයේනම් කට්ටිය මදි බව රටට පෙනෙන නිසා බවයි. ඉන් පසු මේ පිළිබඳ හා හෝවක් ඇති කිරීම සඳහා ඔවුන් විසින්ම පහර දෙන්නන් පිරිසක්ද සූදානම් කොට තිබූ බවයි.
මේ තියරිය නම් මාරයි ය. සමහර විට ඔවුන් පන්දම් පත්තු කරගෙන ආවේ ගිනි තියාගන්නට වන්නටත් බැරි නැත. කෙසේ වෙතත් විමල්ගේ මේ තියරිය තවත් බොහෝ සිදුවීම් විග්‍රහ කිරීමටද යොදාගත් විට අපූරු චිත්‍රයක් මැවේ.
සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට පසු වැලිකඩ බන්ධනාගාරයෙන් කාමරයක් කුලියට ගත්තේය.
කොම්පඤ්ඤවීදියේ මිනිස්සු අතින් වියදම් කොට බුල්ඩෝසර් ගෙන්නවාගෙන සිය නිවාස සමතලා කරවාගත්හ.
පිටකොටුවේ සහ තවත් බොහෝ ප්‍රදේශ වල පදික වෙළඳුන් පොලිසිය ලව්වා තම කඩ කඩා ඉවත් කරවාගත්හ.
සන්ධ්‍යා එක්නැළිගොඩ ප්‍රගීත්ව කොහේ හෝ සඟවාගෙන ඔහුව සොයන්නට යැයි කියමින් ආණ්ඩුව සමග ඔට්ටු සෙල්ලම් කරයි.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ මසකට වතාවක්වත් තමන්ටම ගස්සවාගන්නට මැරයන්ට කොන්ත්‍රතාත් දී පාරවල් දිගේ දුව දුවා ගුටි කති.
රජයේ සේවකයෝ බැරි වෙලාවත් රාජකාරියක් මිස් වුවහොත් ඇමතිවරු ගෙන්නවාගෙන ගස් බන්දවාගනිති.
පෝද්දල ජයන්ත අතින් සල්ලි දී කකුල කඩවාගත්තේය.
සිරස සල්ලි වලට ගල් ලෝඩ් එකක්ම ගෙනැවිත ගල් ගස්සවාගත් අතර ලංකා ඊ නිව්ස් ගිනි තියාගත්තේය.
දෙමළ ජනතාව බුරුතු පිටින් සිය ගම්බිම් බලා නොගොස් අනාථ කඳවුරු වලටම වී සිටින්නෝය.
මේ සියල්ල දෙස විමසිලිමත් වීමේදී අපට ප්‍රශ්න දෙකතුනක් මතුවේ. අපි ඒවාද මහා ප්‍රාඥ විමල් වීරවංශටම යොමු කරනු කැමැත්තෙමු. මෙතෙක් කල් සිදු වූ බොහෝ අභිරහස් වලට හේතු සාධක සොයාගත් බුද්ධියෙන් මේවාට ද පිළිතුරු සපයනු මැනවි.
මොවුන් මෙසේ කරන්නේ ඇයි?
මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණද?
මෙවැනි කූටක ක්‍රියා දිගින් දිගටම නෝන්ඩි වත්දීත් ඔවුන් ඒවාම කරන්නේ ඇයි.
විපක්ෂය සහ ජාත්‍යන්තර ප්‍රජාව අපහසුතාවයට පත් කිරීම පිණිස ආණ්ඩුවටත් තමන්ටම පහර දී ගත නොහැක්කේ ඇයි? තමන්ටම ගිනි තියාගත නොහැක්කේ ඇයි?
Rate this:
Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here:
Cookie Policy
Subscribe
Subscribed
Rassige Adaviya
Sign me up
Already have a WordPress.com account?
Log in now.
Rassige Adaviya
Customize
Subscribe
Subscribed
Sign up
Log in
Report this content
View site in Reader
Manage subscriptions
Collapse this bar