විමල්, ඔබට යොමු වන මීළඟ පැනය මෙන්න.

Posted: February 10, 2011 in Uncategorized
Tags: , , , , , , ,
විමල් වීරවංශ ඊයේ පාර්ලිමේන්තු රැස්වීමේ දී  තවත් අභිරහසක් හෙළි කළේය. පෙබරවාරි 4වැනිදා එ.ජා.ප. පෙළපාලියට පහර දීමේ සිද්ධියේ සුලමුලයි ඒ. ඔහු ප්‍රකාශ කළේ එම පෙළපාලිය සවස 6.30ට ආරම්භ කළේ ඊට සහභාගි වීමට කට්ටිය මදි නිසා බවයි. දහවල් පෙළපාලිය පැවැත්වූයේනම් කට්ටිය මදි බව රටට පෙනෙන නිසා බවයි. ඉන් පසු මේ පිළිබඳ හා හෝවක් ඇති කිරීම සඳහා ඔවුන් විසින්ම පහර දෙන්නන් පිරිසක්ද සූදානම් කොට තිබූ බවයි.
මේ තියරිය නම් මාරයි ය. සමහර විට ඔවුන් පන්දම් පත්තු කරගෙන ආවේ ගිනි තියාගන්නට වන්නටත් බැරි නැත. කෙසේ වෙතත් විමල්ගේ මේ තියරිය තවත් බොහෝ සිදුවීම් විග්‍රහ කිරීමටද යොදාගත් විට අපූරු චිත්‍රයක් මැවේ.
සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට පසු වැලිකඩ බන්ධනාගාරයෙන් කාමරයක් කුලියට ගත්තේය.
කොම්පඤ්ඤවීදියේ මිනිස්සු අතින් වියදම් කොට බුල්ඩෝසර් ගෙන්නවාගෙන සිය නිවාස සමතලා කරවාගත්හ.
පිටකොටුවේ සහ තවත් බොහෝ ප්‍රදේශ වල පදික වෙළඳුන් පොලිසිය ලව්වා තම කඩ කඩා ඉවත් කරවාගත්හ.
සන්ධ්‍යා එක්නැළිගොඩ ප්‍රගීත්ව කොහේ හෝ සඟවාගෙන ඔහුව සොයන්නට යැයි කියමින් ආණ්ඩුව සමග ඔට්ටු සෙල්ලම් කරයි.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ මසකට වතාවක්වත් තමන්ටම ගස්සවාගන්නට මැරයන්ට කොන්ත්‍රතාත් දී පාරවල් දිගේ දුව දුවා ගුටි කති.
රජයේ සේවකයෝ බැරි වෙලාවත් රාජකාරියක් මිස් වුවහොත් ඇමතිවරු ගෙන්නවාගෙන ගස් බන්දවාගනිති.
පෝද්දල ජයන්ත අතින් සල්ලි දී කකුල කඩවාගත්තේය.
සිරස සල්ලි වලට ගල් ලෝඩ් එකක්ම ගෙනැවිත ගල් ගස්සවාගත් අතර ලංකා ඊ නිව්ස් ගිනි තියාගත්තේය.
දෙමළ ජනතාව බුරුතු පිටින් සිය ගම්බිම් බලා නොගොස් අනාථ කඳවුරු වලටම වී සිටින්නෝය.
මේ සියල්ල දෙස විමසිලිමත් වීමේදී අපට ප්‍රශ්න දෙකතුනක් මතුවේ. අපි ඒවාද මහා ප්‍රාඥ විමල් වීරවංශටම යොමු කරනු කැමැත්තෙමු. මෙතෙක් කල් ‍සිදු වූ බොහෝ අභිරහස් වලට හේතු සාධක සොයාගත් බුද්ධියෙන් මේවාට ද පිළිතුරු සපයනු මැනවි.
මොවුන් මෙසේ කරන්නේ ඇයි?
මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණද?
මෙවැනි කූටක ක්‍රියා දිගින් දිගටම නෝන්ඩි වත්දීත් ඔවුන් ඒවාම කරන්නේ ඇයි.
විපක්ෂය සහ ජාත්‍යන්තර ප්‍රජාව අපහසුතාවයට පත් කිරීම පිණිස ආණ්ඩුවටත් තමන්ටම පහර දී ගත නොහැක්කේ ඇයි? තමන්ටම ගිනි තියාගත නොහැක්කේ ඇයි?
Comments
  1. chap says:

    oya uruwansayata nam lajjawak ati ekek nevi

Leave a comment