එතරම් මංගල මුග්ධද?

Posted: February 15, 2011 in Uncategorized
Tags: , , , ,
උතුර, නැගෙනහිර, උතුරු මැද කියන පළාත් වල ගංවතුර ගලලා තියෙන්නේ කාලි මෑණියෝ කෝප වෙලා කියලා ගාමිණි ආනන්ද ද කව්ද පචයෙක් ලංකාදීප දිවයින වගේ පත්තර වල ඇඩ් දානවා.  ලූනු බිකත් බඩටනේ කියලා හිතන පත්තර අයිති කාරයොත් ඔන පචයක් පත්තරේ දාලා සල්ලි ගන්නවා.
අනික් අතට ඔය හුඟක් පත්තර වල දේශපාලන ලිපි කියලා ලියන්නෙත් පච වර්ණනානෙ. ඊයේ පෙරේදා ඇට මැස්සගේ අඩවියේ දිවයිනෙන් උපුටලා පළ කරලා තිබුණ ලිපිය දැක්කම ඇඟ හිරි වැටෙනවා. බැරි වෙලාවත් මහ රජතුමා දැන් වයස නිසා ඉස්සර ඇඳ උඩ කරපු සෙල්ලම් දැන් බෑ කියලා කටකතාවක් පැතිරුණොත් ඔය සුමනසේකරයා රජ්ජුරුවන්ගේ සිරියහන් ගබඩාවට එබිලා සිංහල බෞද්ධ කාම සූත්‍රයක් ලියනවා ෂුවර් එකටම.
ඒවා එහෙම තියෙද්දි මේ මංගල සමරවීර ඊයේ කියපු කතාව මොකද්ද කියලා බලමුකෝ. එයත් කියනවනේ මේ ගංවතුර ගලලා තියෙන්නේ දේව සාපයක් නිසා කියලා. එයා කියන්නෙත් නෙත් එෆ් එම් එකෙනුයි ලංකා පත්තරේනුයි ගාමිණි ආනන්දට එරෙහිව ගෙනියන ප්‍රචාරක ව්‍යාපාරය හින්දා කාලි මෑණියෝ කෝප වුණා කියන සීන් එකමද?
ඒ කියන්නේ දැං මංගල කපුවන්ට කඩේ යනවද?
නැත්තං මංගල කියන්නේ වෙනත් හේතුවකට ඔරොප්පු වූ වෙනත් දෙවියෙක් ගැනද?
අපේ රටේ දේශපාලනයට කෙළවී ඇති කෙළවිල්ල ගැන මාර දුකක් උපදිනවා නේද මේව දැක්කම. දේශපාලනය කියන්නෙම න්‍යායාත්මක හා ප්‍රායෝගික තලයේ ක්‍රියාකාරකම් හරහා ක්‍රමය වෙනස් කිරීමයි කියලා කියන ඈයන්ට මං හිතන්නේ පිස්සු. නැත්තං මුන්ට පිස්සු. මේ තියෙන සිස්ටම් එක වෙනස් කරන්න මිනිස්සුන්ගේ ශක්තිය එකතු කරන්නේ නැතුව දේව කෝප ගැන කිය කියා මිනිස්සුන්ට ලණු දීලා දෙයියොම මේක වෙනස් කරලා දෙයි කියලා බෙලහීන බලාපොරොත්තුවක් මිනිස්සුන්ගේ හිත් ඇතුලේ ඇති කරනවා.
මිනිස්සුන්ව ආලෝකය දෙසට රැගෙන යාමේ දේශපාලනයක් තමන්ට කරන්න බැරිනම් අඩුම ගණනේ මිනිස්සුන්ව අඳුරට දක්කන ගොන් කතා කීමෙන් වැළකී සිටීමටවත් මේ ඇත්තන් උනන්දු වන්නේනම් හොඳය.
අනික් අතට ටියුනීසියාවේ ඊජිප්තුවේ ඒකාධිපති දුෂ්ට පාලකයන් පන්නා දැම්මේ කෝප වූ දෙවියන් විසින් නොව නැගී සිටි මිනිසුන් විසින් බව අප මතක තබාගත යුතුය.
Comments
  1. හැම ඡන්දෙටම කලින් කතරගම ගිහින් බාරවෙන,ඡන්දදායකයෝ නෙවෙයි දෙයියෝ ගහන කතිරෙන් දිනන, මේ උන්දැලාගෙන් තව මොනවා බලාපොරොත්තු වෙන්නද?

  2. ජයශ්‍රී says:

    මංගල කියන්නේ (අගමැතිට පමණක් දෙවෙනි) විදේශ කටයුතු ඇමති කම අතහැරල විපක්ශයට ගිය මෝඩයෙක්නේ.මුද්ගයෙක් ද කියල අහන්නත් ඕනිද?

    • එහෙම නිර්භීත දේශපාලන තීන්දුවක් පවා ගත්ත මංගල වගේ කෙනෙක් මෙහෙම දේවල් කියන්නේ ඇයි කියන එකයි අපේ ප්‍රශ්නේ. එහෙම නැතුව මංගලගේ දේශපාලන ඉතිහාසයම ගොන් කම් වලින් පිරුණු එකක් කියලා මේ සටහනේ කියලා නෑ. ලියලා තියෙන දේ වෙනුවට ලියලා නැති දේවල් හිතින් මවාගෙන කාලකණ්නි සතුටක් අත්විඳින්න එපා.

      • ජයශ්‍රී says:

        අපෝ නෑ.මංගලගේ දේශපාලන ඉතිහාසයම ගොන් කම් වලින් පිරුණු එකක් නෙවෙයි.ජෙනරල් ෆොන්සේකා ගැලවීමේ හමුදාවටවත් සුසදුසු නෑ කියල මුලදි කියල පස්සේ එයා වීරයා කරගෙන ජනාධිපති කරවන්න පු…. ඉරාගෙන දගලපු අතිශය බුද්ධිමත් දූරදර්ශී දේශපාලකයෙක්නේ මංගල කියන්නේ.(දැන් කියයි කාලකණ්නි සතුටක් ගැන-නෑ මේක බොහොම අහිංසක වින්දනයක්)

Leave a comment